සමාජ මාධ්‍ය ජාලා අද පස්වරුවේ සිට යථා තත්ත්වයට

සමාජ මාධ්‍ය ජාලා අද පස්වරුවේ සිට යථා තත්ත්වයට

සමාජ මාධ්‍යයට පිවිසීමට පැවති අවහිරතාව මේ වනවිට ඉවත් කර තිබෙනවා.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත සිල්වා ප්‍රකාශ කලේ අද (03) පස්වරු 3.30 සිට එම අවහිරතාවන් ඉවත් කළ බවයි.

යූ ටියුබ්, ෆේස්බුක්, වට්ස්ඇප්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය පරිහරණයට ඊයේ (02) රාත්‍රියේ සිට බාධා ඇතිව තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමක් අනුවයි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවීමට තාක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබුණේ.