මට තාම ජනබලය තියෙනවා, ඒ කනේ මම ඉන්නේ

උද්ඝෝෂණ සිදු කළ පමණින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව මාහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
ඔහු සඳහන් කරන්නේ හැටනව ලක්ෂයක් ජනතාව ජනාධිපතිවරයාට ඡන්දය ලබාදී ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා කටයතු කරන බවයි.
තමාටද ජන බලයක් ඇති බවත් ඒ හේතුවෙන් තමන් තවමත් මෙහි රැඳී සිටන බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.

