මේ රට හැර යන්නේ සේනාධිපති සහ නිරූපමාද ? (ඡායාරූප)

මේ රට හැර යන්නේ සේනාධිපති සහ නිරූපමාද ? (ඡායාරූප)

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවකු වන නිශ්ශංක සේනාධිපති සහ රාජපක්ෂ පවුලට ඥාති සම්බන්ධකම් ඇති නිරූපමා රාජපක්ෂ හදිසියේ ම දිවයිනෙන් බැහැර ව ගොස් ඇති බවට පාර්ලිමේන්තුව තුල පවා සංවාදයට බඳුන් වුණා.

ඒ අතරින් නිශ්ශංක සේනාධිපති පෙරදින රාත්‍රියේත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ ඊයේ රාත්‍රී කාලයේ දිවයිනෙන් බැහැර ව ගිය බවට ‍යි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් මේ දෙදෙනා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා රටින් නික්මී යන අවස්ථාවේ ගුවන්තොටුපොළේ සී.සී.ටී.වී කැමරා හරහා ලබාගත් ඡායාරූප බවට පැවසෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍යය ඔස්සේ බහුල ලෙස සංසරණය වනවා.

අද පාර්ලිමේන්තුවේ දී මොවුන් මෙලෙස රට හැර යාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක හා නලින් බණ්ඩාර කියා සිටියේ, ආන්දෝලනාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පුද්ගලයන් මේ වන විට රටෙන් පලා යෑම ආරම්භ කර ඇති බව යි.