ජනපති ඉවත් වුණොත් ජවිපෙන් සහය

ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව සකස් කරන ඕනෑම යාන්ත්රණයකට සහය දක්වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා සිට ධුරයේ සිට ඉදිරිපත් කරන කිසිදු විසඳුමක් ජනතාව පිළිගැනීමට සූදානම් නොමැති බවයි
එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව ඒ මහතා සඳහන් කරනවා
මෙම දේශපාලන හා ආර්ථික අර්බුදය නිශ්චිත කේන්ද්‍ර දෙකකට කේන්ද්‍රගත වී ඇති බවත්,
ඉන් පළමුවැන්න ජනාධිපතිවරයා තවදුරටත් ධූරයේ සිටිය යුතු නැති බවට ජනතාව තීරණය කර ඇති බවත්, දෙවැන්න ජනතාවට සමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

