යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ? – විමල්ගෙන් සැර කතාවක්

මිත්රශීලි රටවල් සමග සාකච්ඡා කර ඩොලර් බිලියන 4ක් , 5ක් ලබා ගැනීම මෙම ආර්ථික ප්රශ්නයට කෙටි කාලීන විසඳුම බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් විරවංශ මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
එමෙන්ම නව අන්තර් කාලීන පාලන තන්ත්රයක් ඇති කර ගනිමින් මිත්ර රටවල් සමග සාකච්ඡා කර විදේශ සංචිත ශක්තිමත් කළ යුතු බවයි ඒ මහතා දක්වන්නේ.
අරාජිකත්වයට යන රට බේරා ගැනීමට නොහැකි නම් මේ 225 කුමටද යන්න විමල් විරවංශ ප්රශ්න කර සිටියා.
“අරාජිකත්වයෙන් වාසි සැලසෙන්නේ අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට මිස ප්රබුද්ධ සමාජ බලවේගවලට නොවෙයි. රට අරාජික වීමට නොදීමේ වගකීමෙන් අප කාටවත් මිදෙන්නට බැහැ”

