ඉන්ධන රැස් කිරීම සීමා කරන්න, ඩොලර් මිලියන 700ක් ගෙවන්න වෙලා

ඉන්ධන රැස් කිරීම සීමා කරන්න, ඩොලර් මිලියන 700ක් ගෙවන්න වෙලා

ලෝක වෙළඳපොළේ වැඩිම ඉන්ධන මිල පසුගිය මාර්තු සහ අප්‍රේල් මෙම කාලය තුළ වාර්තා කරන බව ඛනිජතෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

මේ අතර ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම වසරේ අප්‍රේල් මාසයේ දී පමණක් ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 700ක් පමණ මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය 2021 වසර තුළ ඉන්ධන මිල දී ගැනීම සඳහා මාසයකට වැය කළ මුදල ඩොලර් මිලියන 250ත් 300ත් අතර ප්‍රමාණයක් බවයි ඒ මහතා පේනවා දුන්නේ.

ඒ අනුව ඉන්ධන සඳහා අති විශාල විදේශ විනිමයක් වැය කිරීමට මේ වනවිට සිදුව ඇති බව ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් කළමනාකරණයකින් යුතුව ඉන්ධන භාවිත කරන ලෙසත් අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර ගැනීමෙන් වැළකී සිටින ලෙසත් සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.