කොළඹ ආරක්ෂාව තර කරයි – ගාලු මුවදොර තරුණ තරුණියන්ගෙන් පිරීයයි

විරෝධතාවක් හේතුවෙන් කොළඹ – ගාලු මුවදොර අවට මාර්ගවල රථ වාහන තදබදයක් හට ගෙන තිබේ.
ජනතා ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලා අද (08) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවක් ආරම්භ කෙරුණි.
ඒ හේතුවෙන් කොළඹට පිවිසෙන මාර්ග රැසකට පොලිස් මාර්ග බාධක යොදා ඇති අතර කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීමටත් ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
එමෙන්ම රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරමින් සාමකාමී විරෝධාවක් මේ වන විට ගාලු මුවදොර පිටියේ ආරම්භ වී තිබේ.
ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (09) දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විරෝධතා පා ගමන් ආරම්භවීමට නියමිත අතර ඒ සියලු විරෝධතා පාගමන් අද පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර පිටිය වෙත පැමිණීමට සැලසුම් කර තිබේ.
කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන වූ තරුණ කණ්ඩායම් රැසක් ඊට එක්ව සිටින බව වාර්තා වේ.






