ගාලුමුවදොරට ගලයි ජන ගඟක් – රථ වාහනවලිනුත් විරෝධයට සහය (වීඩියෝ)

පවතින ආර්ථික අර්බුදයට සහ ආණ්ඩුවේ ක්රියා කලාපයට විරෝධය පා ගාලුමුවදොර දී මේ වනවිට විශාල පිරිසක් විරෝධතාවයේ නිරතවනවා.
මේ හේතුවෙන් ඒ අසල මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
දැඩි රථවාහන තදබදය හමුවේ වුව ද එම ස්ථානයෙන් ගමන් ගන්නා වාහන විරෝධතාවයට සහයෝගයට දක්වමින් නලා නාදකර සහාය පළ කිරීම ද විශේෂත්වයක්.
වත්මන් ආණ්ඩුවට විරෝධය පළකරමින් විවිධ පාර්ශ්ව එක්ව මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.










