මුල්‍ය අරමුදලට යන්න කලින් වැඩපිළිවෙලක් රටට අත්‍යවශ්‍යයි

පාර්ලිමේන්තුව තුළ යෝජිත විශ්වාසභංගය සහ දෝෂාභියෝගය පිළිබඳ 43 සේනාංකයේ ස්ථාවරය පිලිබදව 43 සේනාංකයේ නායකන් විසින් මාධ්‍ය හමුවක් පවත්වනු ලැබිණ.
ඒ සඳහා හිටපු අමාත්‍ය 43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා සහ නීතීඥ ශිරාල් ලක්තිලක මැතිතුමා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන මහතා, බන්දුල චන්ද්‍රසේකර මහතා, කමල් නිශාන්ත වර්ණසිංහ මහතා, කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා සහභාගී විය.
එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර දැරූ ස්ථාවරය ඉවත් කොට මෙලෙස විශ්වාසභංගයක් ගෙන ඒමට කැමති වීම ගැන සතුටු වන බවයි.
එහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක
“ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කියලා විපක්ෂයත් අනෙකුත් දන්න කියන සියලු දෙනා මේ අර්බුදය ගැන ආණ්ඩුවට කියලා තියෙන්නේ බොහෝ කලක පෙර සිට. ඇත්තටම මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනකොටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඒ වැඩපිළිවෙළ ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබුනේ.
ඒක ආරම්භ වුණේ දෙදාස් දාහතේ ජූනි මාසේ. ඒක අවසන් වෙන්න තිබුණේ දෙදාස් විස්සේ ජූනි මාසේ. ඉතින් ඇත්තටම ඒ පැවතිච්ච ආර්ථික තත්වය ගැන විධිමත් මුල්‍ය අධ්‍යනයක් කළා නම් රජය කළ යුතුව තිබුණේ ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ක්‍රියාවලිය ඉදිරියටත් ගෙනියන්න.
නමුත් ඒක හිතුවක්කාරී විදිහට කටයුතු කරලා විශේෂයෙන්ම අපිට මතකයි හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර ඒ වගේම අජිත් නිවාඩ් කබ්රාල් මේ වගේ අය අපි අයි. එම්. එෆ් යන්නේ නැහැ කියන දැඩි නිලධාරී ස්ථාවරයක් ඉදිරිපත් කළා වගේම ආණ්ඩුවේ මැති ඇමතිලා තුළිනුත් ඒක ඉදිරිපත් කළා. ඉතින් දැන් ආණ්ඩුව එකට යන්න යන්නේ බොහෝ පමා වෙලා. එහෙම මුල්‍ය අරමුදලට ගියත් තව මාස හයත් අටත් අතර කාලයක් යනවා මේ තත්වයට ඇතුල් වෙන්න. ඉතින් එතකන් මේ රටේ ජනතාවට ලයිට් නැතුව, වතුර නැතුව, කන්න නැතුව, බේත් නැතුව ඉන්න ක්‍රමයක් නැහැ.
ඒ නිසා දේශපාලන අරගලයට පිවිසිලා තියෙනවා. ඒක කිසිසේත්ම ජාත්‍යන්තර අරමුදලට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටකට උදව් කරනවා මිසක් ආණ්ඩුවකට, විපක්ෂයකට උදව් කරන ක්‍රියාවලියක නෙවෙයි තියෙන්නේ. නමුත් දැන් තියෙන අලුත්ම තත්වය තමයි, මුල්‍ය අරමුදලට යන්න කලින් වැඩපිළිවෙලක් රටට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ පූර්ව වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල ආණ්ඩුවට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන මහජන සහයෝගය මේ අවස්ථාවේ නැති නිසා, ඒ පූර්ව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීමත් මේ අන්තර් කාලීන, පාලනයට තිබෙනවා. හැබැයි ඒ කරන්න යන වැඩපිළිවෙල පිළිබඳව අවම එකඟතාවය හදාගෙන, ඒක ජනතාවට දැනුවත් කරලා, එකඟතාවයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහ අනෙකුත් පුද්ගලික අංශයේ අයගෙත් එකඟතාවයෙන් එය සිදුකළ යුතුයි කියන එක තමයි අපේ විශ්වාසය.”

