S.B සමාව ඉල්ලයි – මටත් බෝඩ් එකක් අරන් පාරට යන්න හිතෙනවා

තෙල් පෝලිම් වල ගෑස් පෝලිම වල සිටින ජනතාව ආණ්ඩුවට ‘ගෝඨා ගෙදර පල’ කීම ගැන පුදුම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය තුලදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළා.
ඔවුන් පාරට බැස ආණ්ඩුවට ශාප කිරිම ගැන පුදුම නොවන එස්.බී. දිසානායක පැවසීය.
ජනතාවට මේ වී තිබෙන හිරිහැරය කරදරය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් පොදුජන පෙරමුණ වෙනුවෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
පැය හත අටක් විදුලිය නැතුව නිවසේ සිටින විට තමන්ටද බෝඩ් එකක් උත්සාගෙන ගෙන පාරට බහින්න හිතෙන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

