ගාලුමුවදොර නොනිදන අරගල භුම්යක් වෙයි

පසුගිය සෙනසුරාදා (09) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය මේ වන විටත් පැවැත්වෙනවා.
අධික වර්ෂාව මධ්‍යයේ ද විරෝධතාකරුවන් එම ස්ථානයේ රැඳී සිටින අතර ඔවුන්ට ආහාර පාන ලබාදීමට බොහෝ දෙනෙකු ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව සිටියා.
වෛද්‍යවරු ද එම ස්ථානයේ රැඳී සිටිමින් හදිසි ප්‍රතිකාර කටයුතුවල නිරතව සිටින බවයි වාර්තා වෙන්නේ.
මෙහි සිටින පිරිස් වැසි නොතකා මේ විරෝධතාවයට එක්ව සිටියි.
එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
(ඡායාරූප උපුටාගැනීම සමාජ මාධ්‍යයෙන්)









