ආණ්ඩුව ගෙදර යවන වැඩේට අනුරත් සමගියට එකතුවෙයි

සමගි ජන බලවේගය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයට සහාය ලබාදීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සිය එකඟතාව පළ කර තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය ගෙන එනු ලබන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට ද සහාය පළ කරනු ඇති.
සමගි ජන බලවේගයගේ ජාතික සංවිධායක මන්ත්‍රී තිස්ස අත්තනායකගේ සංවිධානයෙන් යුතුව සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මගපෙන්වීමෙන් යුතුව මෙම විශ්වාසභංග යෝජනාවට සහ දෝෂාභියෝගයට මන්ත්‍රීවරුන් අත්සන් තැබෙනු ඇති.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහාය ද ඉතා ඉක්මනින් මෙම යෝජනා සඳහා ලබාගැනීමට සමගි ජන බලවේගය බලාපොරොත්තු වන බවයි.

