රෝසිගෙන් විපක්ෂයට ටොක්කක්

රෝසිගෙන් විපක්ෂයට ටොක්කක්

රටේ ආණ්ඩුව රටටත් ජනතාවටත් අත්කර දී ඇති ඉරණමට විසඳුම් සොයනවා වෙනුවට විපක්ෂය සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් බව රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

කොළඹ මහනගර සභාවේ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළාය.

ඇය පෙන්වා දෙන්නේ රටේ විපක්ෂය මේ මොහොතේ මෙම තීරණාත්මක ජාතික ගැටළුව වෙනුවෙන් මැදිහත්වීම පිළිබඳ කතා කිරීමට තමාට අයිතියක් ඇති බවය.

නමුත් විපක්ෂය එම කාර්යභාරය ඉටුකරනු වෙනුවට අද සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් බවද ඇය සඳහන් කරයි.

ගිලිහී යන බලය රැකගැනීම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුව මේ වනවිට සුපුරුදු දේශපාලන දාදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටින බව රහසක් නොවන බවද රෝසි සේනානායක මහත්මිය සිය නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.