ඩෑන් මේ දඟලන්නේ මොකටද ?

ඩෑන් මේ දඟලන්නේ මොකටද ?

ආණ්ඩුවට එරෙහිව පවතින මහජන අරගලය වෙනතක යවමින් ජාතිවාදය වැපිරවීමේ උත්සාහයන් වාර්තා වෙමින් පවතී. එහි එක් පියවරක් ලෙස ‘ව්‍යාජ අරගලයට මුවා වී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු’ යනුවෙන් විරෝධතා ව්‍යාපාරයක් ඇරඹීමට කටයුතු සංවිධානය කර තිබුණි. ආණ්ඩුව ආරක්ෂා කිරීමට මුල පටන් ම කටයුතු කරන ‘ඩෑන් ප්‍රියසාද්’ නම් පුද්ගලයා සහ ඉරාජ් වීරරත්න මේ සඳහා මූලික වෙමින් කටයුතු කරන බව ඡායාරූප සහ වීඩියෝ වලින් පැහැදිලි වෙමින් පවතී..

කෙසේවෙතත් පොදු ජනතා අරගලය සිංහල බෞද්ධ විරෝධී අරගලයක් නොවන බව ප්‍රකාශ කරමින් මහා සංඝරත්නය ඊයේ (12) අරගල බිමට වැඩ ඊට සහාය පළ කරන්නට කටයුතු කර තිබුණි.

පොදු ජනතා අරගලය සිංහල බෞද්ධ විරෝධී අරගලයක් ලෙස නම් කොට එයට ආගමික අන්තවාදී ස්වරූපයක් ඇති කිරීමටත් නැවත ජාතිවාදය සහ ආගම්වාදය හරහා රට ගිනි තැබීමටත් ආණ්ඩුව ගෙනියන නින්දිත වැඩ පිළිවෙළ හෙළා දකින බව උන්වහන්සේලා පවසති.

මහනාහිමියන් වහන්සේලාගේ පණිවිඩය සමග මහ සංඝරත්නය කොටුව සම්බුද්ධාලෝක විහාරයේ සිට ජනඅරගල භුමියට ඊයේ සවස 2.30.ට වැඩම කළ අතර, එහි කැඳවුම්කාරක මණ්ඩලය ලෙස;
01 ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි
02 ශාස්ත්‍රපති පුජ්‍ය රජවත්තේ වප්ප නා හිමි
03 මහචාර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන නාහිමි
04 මහචාර්ය පුජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමි
05 මහචාර්ය පුජ්‍ය එළමල්දෙණියේ සාරානන්ද හිමි යන හිමිවරුන් කටයුතු කළේය.

ඩෑන් ප්‍රියසාද් නම් කුලියට කඩේ යන ඡන්ද කාලවලදී දේශප්‍රේමී බැටළු හම පොරොවාගනු ලබන රූකඩය පසුගිය දිනක “නාඩගම්කාරයෝ” නාට්‍ය මගින් බුද්ධ ශාසනය විනාශ වන බව හා භික්ෂු චරිත නිර්මාණ වලට යොදා නොගන්නා ලෙසත් ඉල්ලා සිටියා.

කුඩුකාරයන් නිදහස් කිරීම සඳහා බෝධි පූජා පවැත්වීම, ජාතික ධනය හොරාකන්නන්ට අධිකරණ ක්‍රියා මාර්ග ගනිද්දී පිණ්ඩපාතය කරමින් ඒ අයට ඇප මුදල් සොයන්නට වෙහෙසීම, භික්ෂුන් ගිහියන් සමඟ හරි හරියට දේශපාලනය කිරීම, මන්ත්‍රී ආසනයක් වෙනුවෙන් රතන හිමිලා අශෝභනව හැසිරීම, ඔහු මේ කියන ආකාරයට බුද්ධ ශාසනය හා මහා සංඝ රත්නය දියුණුවට පත්වනවාදැයි මේ වන විට ප්‍රශ්න කිරීමට සිදුව ඇත.

දේශප්‍රේමය, 2500යෙ මෙව්වා එක වගේ සටන් පාඨ වලින් තම හෙළුව වසාගත් මොහු නටවනු ලබන්නේ සිංහල ජාතියෙ මුර දේවාතාවුන් ලෙසින් පෙනී සිටින අන්තවාදී කපටි ආරක්ෂකයන්‍ කීප දෙනෙක් බවත්, ඔවුන් අවශ්‍ය නැති ප්‍රශ්න ඇති කර මහජන අවධානය එදෙසට හරවා එදා වේල කවර්කර ගන්නා පිරිසක් බවත් මේ වන විට හෙලිවෙමින් පවතී.

අවුරුදු 15 දැරියක් ලිංගික වෙළෙඳාම සඳහා යොදා ගන්නාවිට, අම්බලන්ගොඩ චීවරධාරීයෙක් බීමතින් අශෝභනව පොලීසිය ඉදිරියේ යකා නටද්දී, මේ ඩෑන් සිටියේ කොහේද? බුරන බල්ලා ගැන නොව උසීගන්වන පුද්ගලයා ගැන අවධානය යොමු කරන්න කියා කියමනක් තිබේ. මොහු උසීගන්වන්නේ කවුද? ඔවුන්ගේ අරමුණ කුමක්ද? පසුගිය කාලයේ මොහු හැසිරුණු ආකාරය ගැන සොයා බලන විට මෙම ප්‍රශ්න සඳහා නිරායාසයෙන්ම ඔබට පිළිතුරු ලැබෙනු ඇත..

පක්ශ පාට ආගම් වැනි පාට කණ්නාඩි වලින් වියුත්පන්නව, සාමාන්‍ය පොදු මහජනතාවගේ පැත්තේ සිට මේ වාර්තා කරන පුවත් දෙස බුද්ධිමත් ඇසකින් විමර්ශනශීලීව බලන ලෙස අප ඔබට ආරාධනා කරමු.