අලි සබ්‍රි දකින හීනය

ශ්‍රී ලංකාවට මේ වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 3 ක් 4ක් පමණ බාහිර පාර්ශ්වයන්ගෙන් සපයා ගැනීමට බලාපොරොත්තුවන බව මුදල් ඇමැති අලි සබ්රි පවසයි.
හෙතෙම මේ බව පවසා ඇත්තේ දැනට ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර රූපවාහිනී නාළිකාවක් වන බ්ලූම්බර්ග් වෙත කරුණු දක්වමිනි.
ලබන 18 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී ඔහු පවසා ඇත. මුල්‍යාධාර සපයා ගැනීම වෙනුවෙන් සහය ලබාගැනීම මෙහි අරමුණයි. මීට අමතරව ලෝක බැංකුව, ඉන්දියාව, චීනය ආදි සෙසු පාර්ශ්ව සමඟින් ද මුල්‍ය සහය ලබාගැනීමට මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවද හෙතෙම කියයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ අප්‍රේල් 18 වෙනිදා ඇරඹෙන සාකච්ඡාවලදී සියල්ල හොඳින් සිදුවුවහොත් සතියකට පසු හදිසි සහන අරමුදල් බලාපොරොත්තු වන බවත් අලි සබ්‍රි එහිදී පැවසීය.

