ධම්මික ප්රසාද් රට වෙනුවෙන් උපවාසයක – අරගලය අඛණ්ඩව

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාව අද (15) දිනයේත් පැවැත්වේ.
අද විරෝධතාවෙහි හත්වෙනි දිනය වන අතර අද දිනයේද මේ මොහොත වන විටත් විශාල පිරිසක් විරෝධතා භූමියෙහි රැඳි සිටිනු දක්නට ලැබෙයි.
විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල කුඩාරම් සවිකර ගනිමින් අඛණ්ඩව මෙම විරෝධතාවෙහි නිරත වෙනු දක්නට ඇත.
එමෙන්ම ශ්රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්රීඩකයා ධම්මික ප්රසාද් ජන අරගලයට සහය දැක්වීමක් වශයෙන් නිරාහාරව සිටීමේ උපවාසයක් ගාලුමුවදොර පිටියේදී මීට ස්වල්ප මොහොතකට පෙර ආරම්භ කරණු ලැබුවා.
එමෙන්ම ඊයේ (14) උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද විරෝධතාකරුවන් අරගල භූමියේ සිටම සැමරෑ අතර ඒ සඳහාද විශාල පිරිසක් සහභාගී වූ බව දක්නට ලැබුණු අතරම ඊයේ රාත්රියේ විවිධ ප්රදේශ රැසකින් විශාල ජනතාවක් අරගලය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට එක්රැස්වී සිටි බව දක්නට ලැබුණි.

