නාමල් හදිසියේ ඉන්දීය මාධ්‍යකට කතා කරලා කිව්ව දේ

ජනතාව ආණ්ඩුව සමඟ උරණ වී සිටින්නේ ඇයි ද යන්න තමන්ට වැටහෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එසේ වුව ද, කෝපයට පමණක් නොව විසඳුම් සෙවීම සඳහා ද කාලය එළඹ ඇති බවට ඔහු අවධාරණය කරයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, ThePrint නමැති ඉන්දීය ඉන්ටර්නෙට් පුවත්පතක මාධ්‍යවේදිනියක සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදී ය.
ජනාධිපතිවරයා සහ රජය මීට වඩා විවෘතව රට වෙනුවෙන් කරන සැලසුම් ගැන හඬ නැගිය යුතුව තිබුණු බව ඔහු එහිදී සඳහන් කර තිබේ.
“මම එකඟ වෙනව අපට ඇති ලොකු ම චෝදනාව නම්, අපි මිනිසුන්ට දැනුම් නොදීමයි,” යනුවෙන් ඔහු පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, “ජනාධිපතිවරයා ජාතිය අමතා ඔහුගේ සැලසුම් ගැන ජනතාවට පැවසිය යුතු” බවයි.
ශ්‍රී ලංකාවේ පද්ධතිමය වෙනසක් අවශ්‍ය බව ද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ ය.
පවුල් පාලනය සමාජ ගත කරන ලද්දේ විපක්ෂය විසින් බව ද ඔහු එහිදී පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, මිනිසුන් කෝපයට පත් වන්නේ මන්දැයි තමාට වැටහෙන බවත්, විරෝධතා දැක්වීමේ අයිතියට සහාය දක්වන බවත් ය.
කෙසේ වෙතත්, එවැනි කෝපය ඵලදායී නොවන අතර එය තවදුරටත් අර්බුදයක් ඇති කළ හැකි බව ඔහු පැවසීය.
විශේෂයෙන්ම, විරෝධතා නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උදව් කළ හැකි සංචාරකයින් ඈත් විය හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

