ගෝල්ෆේස් අරගලයට දකුණේ ගැම්මත් එක් කරයි

ගෝල්ෆේස්  අරගලයට දකුණේ ගැම්මත් එක් කරයි

ගාලු මුවදොර පැවැත්වෙන පොදු ජන අරගලය 9වන දිනටත් ක්‍රියාත්මකයි

එය ආරම්භ වී දැන් සතියකට අධික කාලයක් වුණත් තරුණ තරුණියන් කිසිදු විඩාවක් හෝ පසු බැස්මක් නො පෙන්වමින් මවුබිම වෙනුවෙන් තම අරගලයේ නිරත වනවා.

මේ අතර, ගාලු මුවදොර අරගලයට හයියක් වෙමින් ගාලු නගරයේ තරුණයන් ද විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ගෝල්ෆේස් තනි නොකරමු සටන පෙරට රැගෙනයමු යනුවෙන් තේමාව මුල් කරගෙන

ඔවුන් විමුක්ති ගීත ගායනා කරමින් ‘ජාතිභේද එපා එපා’ යනුවෙන් පවසමිනු යි විරෝධතාවේ නිරත වුණා.