IMF සාකච්ඡාවට මුදල් ඇමති ඇතුළු කණ්ඩායම පිටව යයි

IMF සාකච්ඡාවට මුදල් ඇමති ඇතුළු කණ්ඩායම පිටව යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ඇතුළු කණ්ඩායම අද (17) දින අලුයම ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායමට මුදල් අමාත්‍යවරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකු ගෙන් යුත් පිරිසක් ඇතුලත් බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔවුන් අද අලුයම 05.07 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබු අතර ඉන් පසුව එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් මෙම පිරිස ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.