විගණනයටත් තරඟයක් – වත්කම් විගණනය දයාසිරිගෙන් පටන්ගන්නලු

වත්කම් විගණනය තමන්ගෙන් අරඹන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර ඉල්ලා තිබෙනවා.
ඔහු මේ සම්බන්ධව සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්,
සියලුම දේශපාලඥයින් සංස්ථා සභාපතිවරු ඇතුළු උසස් රාජ්ය නිලධාරීන්ගේ මෙරට හා විදේශ වල ඇති වත්කම් විගණනය සම්බන්ධයෙන් මහජනතාව විසින් දරන්නා වූ මතවාදය හා ඉල්ලීම මා ගෞරවාන්විතව පිළිගනිමි.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් ඉදිරි කාල පරිච්ඡේදය තුළ ගනු ලබන ඕනෑම තීරණයකට මාගේ පූර්ණ සහයෝගය ලබා දෙමි.
-ස්තුතියි –



