මුහුණු ආවරණ පැළඳීම අද සිට අනිවාර්ය නැහැ

මුහුණු ආවරණ පැළඳීම අද සිට අනිවාර්ය නැහැ

රට පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තවදුරටත් මුහුණු ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු ව ඇත්තේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමේදී සහ සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද. සම්මන්ත්‍රණ ආදියේ දී පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.