ගෝල්ෆේස් අරගලයට සහය දෙන්න සම්මානලාභී නළු හිරාන් එයි

ගෝල්ෆේස් අරගලයට සහය දෙන්න සම්මානලාභී නළු හිරාන් එයි

සම්මානලාභී නළුවෙකු වන හිරාන් අබේසේකර අද (18) කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයට පැමිණියේය. ඔහු ගාලු මුවදොර තරුණ අරගලයට සහභාගී වීමට එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තමන් දැනට එංගලන්තයේ ස්ථිර පදිංචිකරුවෙකු බවත්, ශ්‍රී ලංකාවේ තරුණ අරගලය පිළිබඳව තමන් දැනුවත් වී ඊට සහය දැක්වීමට තීරණය කළ බවත් හිරාන් අබේසේකර ප්‍රකාශ කර ඇත . 2022 ඔලිවර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය පසුගියදා හිරාන් දිනාගත්තා.

හිරාන් අබේසේකර අද පැමිණෙන විට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් ඔහුව පිළිගැනීමට එක්ව සිටියා.

https://bit.ly/37YJPzE