ජනපති ලේකම් කාර්යාලය ආලෝකමත් කළ විරෝධය

රට තුළ පවතින අර්බුදයට එරෙහිව ගාලුමුවදොර අඛණ්ඩව පැවැත්වෙන සාමකාමී මහජන විරෝධතාව අද දහ වන දිනයටත් පැවැත්වෙනවා.
මේ අතර ඊයේ (17) දිනයේ මහජනතාව ප්‍රොජෙක්ටර් ආධාරයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ විරෝධතා සටන් පාඨ ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් ප්‍රදර්ශනය කර තිබුනා.
කෙසේ නමුත් පසුව එසේ ප්‍රොජෙක්ටර් ආධාරයෙන් ප්‍රදර්ශනය කර තිබූ සටන් පාඨ සහ අලෝකකරණයන් අවහිර වන පරිදි, ආරක්ෂක අංශ විසින් ලෑලි සවි කර ඇති බවයි වාර්තා වන්නේ.








