බස්වල ගිහිල්ලත් ඉවරයි – බස් ගාස්තු ඉහළට

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම බස් ගාස්තු 35%ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණේ, බස් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් බස් හිමියන් සහ අනෙකුත් පාර්ශ්ව එක්ව ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.
එහිදී රුපියල් 20ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 27 ක් දක්වා ඉහළ දැමීමට අවසර දී තිබෙනවා.

