“කපුටා” තමයි ඔක්කොම කරේ – විමල්ගෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ටත් තද ටොක්කක්

අද සාටකයක් දාගත්ත මිනිහෙකුට පාරකට බහින්න බැරි තත්වයක් ඇතිව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙසේ කියා සිටියේය.
“අපි කවුරුත් කම්පනයට පත්වන තත්ත්වයක් රට තුළ තියෙන්නේ. මහ පාරවල් වහගෙන බස්රථ අවහිර කරන මිනිස්සු පාරට බැහැලා රට අකර්මණ්‍ය කරන තත්ත්වයක් මේ රට තුළ තියෙන්නේ. මෙවැනි තත්ත්වයකට මේ රට යෑමේ අනතුර පසුපෙළට වැටිලා ඉන්න ඇමතිවරු, නාමල් රාජපක්ෂ ඇතුළුව මේ අයගේ හෘද සාක්ෂිය දන්නවා, තිබුණ අමාත්‍ය මණ්ඩලය ඇතුළේ අපි ඇමතිවරු කිහිපදෙනෙක් මේ අනතුර පෙන්නලා දුන්නා.
තමුන්නාන්සේලා අන්ධ, ගොලු, බිහිරි සේ කපුටාස් ගේ කීම පිළිගෙන ඒ අනුව කටයුතු කළා. දිට්ඨධම්මවේදනීය කර්මය තමා අද තරුණ, නවක මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීලා ජ්‍යෙෂ්ඨ අයට පස්සට වැටෙන්න සිද්ධවුණේ.
ඔය ද්විත්ව පුරවැසියාව ගේද්දිම අපි කිව්වා, අද සාටකයක් දාගත්ත මිනිහෙකුට පාරට බහින්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. තාමත් තමුන්නාන්සේලා අන්ධ, ගොලු, බිහිරි සේ ඉන්නවා. ඒ නිසා අද ඇතිවෙලා තියෙන අර්බුදයෙන් වගකීමෙන් තමුන්නාන්සේලාට ගැළවෙන්න බෑ. මාර්තු 2 අපි මේ ගැන රටට කිව්වා. ඇතුළේ කථා කරාම ඇහුවේ නෑ. 3 වෙනිදා මාවයි ගම්මන්පිල මන්ත්‍රීවරයාවයි අයින් කළා. අප්‍රේල් 3 වනදා පෙරේතයා පොළොවේ ගැහුවා වගේ කපුටාස් නෑ, තමුන්නාන්සේලාට තිබ්බ පට්ටමත් නෑ. දැන් ඉන්නවා හද්ද අනාථ වෙලා. යනුවෙන් පැවසීය.

