රටේ භයානක තත්ත්වයක් – අපට තිබෙන විකල්ප සීමා වී තිබෙනවා

රටේ භයානක තත්ත්වයක් – අපට තිබෙන විකල්ප සීමා වී තිබෙනවා

රටේ භයානක තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ යැයිද මෙය අනෙක් ප්‍රදේශ වලටත් පැතිරෙන්නට හැකි බැවින් එය වළක්වා ගැනීමට පක්ෂ නායකයන් එක්ව සාකච්ඡා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එතුමා පර්ලිමේන්තුවේදී වැඩි දුරටත් දැක්වූ අදහස්,

” අපට තිබෙන විකල්ප සීමා වී තිබෙනවා.මියගිය තැනැත්තාගේ බිරියටත් මා කතා කළා . ඒ මියගිය පුද්ගලයා අපේ පක්ෂයේ සංදිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක්. ඔහු ගිනි තියන්න යන්නේ නැහැ. පක්ෂ නායකයන් කෙටි වේලාවක් මුණගැහී මේ සිද්ධි පිළිබඳව සාකච්ඡා කරමු.