රඹුක්කන පොලිස් වෙඩි පහරින් මියගිය සගයාට අරගලබිමෙන් උපහාර

රඹුක්කන පොලිස් වෙඩි පහරින් මියගිය සගයාට අරගලබිමෙන් උපහාර

රඹුක්කන නරගයේ පැවැති විරෝධතාවක් අතරතුර මියගිය කේ.ඩී. චමින්සිද සිහිකර ගාලු මුවදොර නිර්පාක්ෂික විරොධතාකරුවෝ ඡංගම දුරකතනයෙන් විදුලි ආලෝකය දැල්වූහ.

විරෝධතාකරුවන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වා ඔහු සිහිපතක් කළහ.

රඹුක්කන නගරයේ ඊයේ පෙරවරුවේ පැවැති විරොධතාව අතර තුරු පොලිසිය හා ඇති වූ ගැටුමකින් මෙම පුද්ගලයා මියගියේය.

රඹුක්කන ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළගොස් තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කළේ තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන් 8දෙනෙකු ද සිටින බවයි.

ඉන්ධන ගැටළුවට විසඳුම් ඉල්ලා ඊයේ අලූයම 1.30 සිට මෙම පිරිස රඹුක්කන නගරයෙන් මහනුවර – කොළඹ දුම්රිය මාර්ගය අවහිර කර විරෝධයේ නිරතවන අතර තවත් පිරිසක් රඹුක්කන – කෑගල්ල, කුරුණෑගල සහ මාවනැල්ල මාර්ග වසා සිය විරෝධය එල්ල කරමින් සිටි බව අප “My newslanka” වාර්තාකරු පැවසීය.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ පොලිසිය තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර ‌එල්ල කළ අවස්ථාවේ විරෝධතාකරුවන් ගල් මුල්වලින් පොලිසියට පහර දීමට ආරම්භ කිරීම හේතුවෙන් ඔවුන්ට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශයට දැමු පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.