මේ විනාශය පසුපස සිටියේ කවුද ? වැඩි කල් නොගොස් අපරාධකරුවන්ට දඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ තෙවසරක් සපිරෙන අද දිනයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් විශේෂ දේව මෙහෙයට සහභාගී වෙමින් අදහස් දක්වා සිටියා.
සාහරාන් අත් අඩංගුවට නොගැනීම තුලින් හිටපු ජනපති තම ක්‍රියාමාර්ග අතපසු කරවා ඇති බව එහිදී පෙන්වා දුන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, වැඩිදුරටත් සඳහන් කලේ එහා මෙහා යන නයි රෙද්ද අස්සේ ද ගන්න එපා යයි කියමින් සහාරාන් ඇතුළු කණ්ඩායම අත් අඩංගුවයට ගැනීමට ක්‍රියා නොකිරීම කතෝලික ජනතාවගේ දැඩි කනස්සල්ලට හේතු වන කාරණයක් බවයි.
එසේම මේ කරුණු ගැන නෑසුණු කන් ඇතිව සිටීම කතෝලික ජනතාව හෙලා දකිනවා.
මේ විනාශය පසුපස සිටියේ කවුද ? නිරන්තරයෙන් අප අසන පැනය එයමයි.
එසේම මේ අපරාධයට සම්බන්ධ වූ සියලුම දෙනාට වැඩිකල් නොගොස් දඬුවම් ලැබෙන බවද අපගේ විශ්වාශයයි යනුවෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළා.

