තාම වගකිව යුත්තෙක් නැති ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට වසර තුනයි

2019 වසරේ අප්‍රේල් 21 වෙනිදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර තුනක් සපිරෙනවා.
කතෝලික දේවස්ථාන 03 කට හා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03ක් ඇතුළු ස්ථාන 08ක් ඉලක්ක කර ගනිමින් ත්රස්තවාදීන් විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කලා. එදිනම දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක සහ දෙහිවල ලැගුම්හලකද කුඩා පිපිරීම් සිදු වූ අතර එම සියලු ප්‍රහාර වලින් පුද්ගලයන් 269 දෙනෙක් පමණ මිය ගියා.
විදේශිකයන් 45 දෙනෙක් සහ පොලිස් නිලධාරීන්ද ඇතුළුව අවම වශයෙන් 500 ක් පමණ තුවාල ලැබූ බවයි වාර්තා වූයේ.
එහි ප්‍රතිපලයක් වශයෙන් එම කාලසීමාවේදී වරින් වර සමස්ථ දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් හදිසි ඇඳිරි නීතිය පැනවූ අතර රජය විසින් සම්පුර්ණ සමාජ මාධ්‍ය තහනමක් ද පනවනු ලැබුවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 735 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිසෙන් 196 දෙනෙක් තවදුරටත් රැදවුම් නියෝග යටතේ ප්‍රශ්ණ කිරීම් සිදුකරන බවත් ශ්‍රී ලංකා රජය මීට සති දෙකකට පමණ පෙර ප්‍රකාශ කලා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් 81 දෙනෙක්ට මේ වනවිට නඩු පවරා තිබෙන අතර 493 දෙනෙක් ඇපමත මුදාහැර තිබෙනවා.
ප්‍රහාරය සිදුවී වසර තුනක් ගතවන අද දිනයේදී දිවයින පුරා කතෝලික පල්ලි ඇතුලු විවිධ ස්ථාන වලදී තෙවර්ෂ පූර්ණ සැමරුම් සංවිධානය ර තිබෙනවා.
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද දිනය පුරා කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේදී එහි ප්‍රධාන වැඩසටහන පැවැත්වීමට නියමිතයි.
2019 අප්‍රේල් 21 දින ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාවේ වාර්තාව 2019 ඔක්තෝබර් 23 දින එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් ඉදිරිපත් කළ වාර්තාව මෙම Fact Research කෘතිය සදහා මූලාශ්‍ර කර ගන්නා ලදී.
මෙහි කමිටු සාමාජිකයන් ලෙස
- නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා
- රවුෆ් හකීම් මහතා
- රවී කරුණානායක මහතා
- රාජිත සේනාරත්න මහතා
- සරත් ෆොන්සේකා මහතා
- සුමන්තිරන් මහතා
නලින්ද ජයතිස්ස මහතා - අංශු මාරසිංහ මහතා
- ජයම්පති වික්‍රමරත්න මහතා

