රඹුක්කනට පැනවූ ඇඳිරිනීතිය ඉවතට

රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය අද(21) අලුයම 5 සිට ඉවත් කර තිබේ.
විරෝධතාවක් හේතුවෙන් ඇතිවූ කලහකාරී තත්ත්වය හමුවේ පෙරේදා රඹුක්කන ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවනු ලැබුවේය.
විරෝධතාව අතරතුර හටගත් උණුසුම් තත්ත්වයෙන් තුවාල ලැබූ අරගලකරුවන් හා පොලිස් නිලධාරීන් ඇතුළුව 27 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
සිද්ධියෙන් තුවාල ලැබූ සමස්ත සංඛ්‍යාව 32කි.

