වැඩ බැරිනම් පසුපෙළට දෙන්න – අගමැතිකම හරි කමක් නෑ දෙන්න

වැඩ බැරිනම් පසුපෙළට දෙන්න – අගමැතිකම හරි කමක් නෑ දෙන්න

ජ්‍යෙෂ්ඨයන්ට තීන්දු තීරණ ගන්න බැරිනම් පසුපෙළ මන්ත්‍රීවරුන්ට එම තනතුරු දෙන්නැයි ද අගමැතිකම හරි කමක් නැහැ තීන්දු අරගෙන ඒ තනතුරු නැවත දෙන්නම් යැයි ද අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුපෙළ මන්ත්‍රීවරුන් රස්තියාදු ගහමින් සිටින අතර ඔවුන්ගෙන් කිසිදු වැඩක් ගන්නේ නැතැයි ද ප්‍රේමරත්න මහතා කීය.

පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කීදෙනෙක් රස්තියාදු ගගහ ඉන්නව ද?ඔවුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ තියෙන පළමු වරද එයයි.

මේ රටේ ප්‍රශ්න ගොඩගැහිලා තිබෙන්නේ.හරිනම් මේ වගේ වෙලාවක දිගටම වැඩ කරලා මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න ඕන. මෙතන විසඳුම් නැතිනම් විසඳුම තියෙන්නෙ කොතනද?

ජ්‍යෙෂ්ඨයන්ට තීරණ ගන්න බැරි නම් අපිට දෙන්න .අපි ගන්නම්.ජ්‍යෙෂ්ඨ තනතුරු. අගමැතිකම හරි කමක් නෑ. අපි තීන්දු අරගෙන ආපහු ඒ තනතුරු දෙන්නම්.අපිට ආසන ඕනත් නැහැ. අපි මහ පොළොවේ වාඩිවෙලා හරි තීරණ ගන්නම්.

මේ වෙලාවෙ වත් අඩියක් පස්සට ගන්න. ප්‍රතිරූප වලින් එළියට එන්නැයි අපි ජේෂ්ඨයන් ගෙන් ඉල්ලනවා යනුවෙන් උද්දික ප්‍රේමරත්න වැඩි දුරටත් කියා සිටියා.