ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයේ

ශ්‍රී ලංකාවේ පවතින දූෂිත සහ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයට එරෙහිව එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් විසින් ද විරෝධතා ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව, කැනඩාව, නෙදර්ලන්තය, ජපානය, කොරියාව යන රටවල සිටින ශ්‍රී ලාංකිකයින් විසින් වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස බල කරමින් විරෝධතා පවත්වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි පිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් නිහඬ විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් පැය කිහිපයක් උද්ඝෝෂණයේ නිරත වූ බවයි වාර්තා වුනේ.