ළමා රෝහලේ බෙහෙත් හිඟයි – දානපතියන්ගෙන් සහය ඉල්ලයි

ළමා රෝහලේ බෙහෙත් හිඟයි – දානපතියන්ගෙන් සහය ඉල්ලයි

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට හිඟව පවතින බෙහෙත් සහ වෛද්‍ය උපකරණ ලැයිස්තුවක් නිවේදනය කර තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් අදාල බෙහෙත් සහ වෛද්‍ය උපකරණ සොයාගැනීමට දානපතියන්ගේ සහය අපේක්ෂා කරන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

මේ අතර පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ පෞද්ගලික රෝහල්වලට මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවයි.

ඊට අමතරව තවත් වෛද්‍ය උපකරණ රැසක් හිඟව පවතින බවයි එම සම්මේලනය පෙන්වා දෙන්නේ.