අගමැතිගේ උද්දච්ච ප්‍රකාශයට ස්වාධීන මන්ත්‍රීන්ගෙන් රතු එළියක්

විශ්වාසභංගයෙන් ඉවත්කිරීමට පෙර ගෞරවාන්විතව අගමැති ධූරයෙන් ඉවත් වන ලෙස පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා.
ඒ අනුව පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ අවස්ථාවේදී එය පිළිගෙන ගෞරවාන්විතව ඉවත්වීම හේතුවෙන් ඒ අවස්ථාවේ ජනතාවගේ ගෞරවය මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට හිමිවූ බවයි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ජයන්ත සමරවීර පෙන්වා දෙන්නේ.
අගමැතිවරයා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් විශ්වාසභංගයක් හරහා ඔහු ඉවත් කිරීමට එල්ල වන මහජන විරෝධය හමුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද එසේ කිරීමට සිදුවනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සඳහන් කරනවා.
අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපති කළද අග්‍රමාත්‍යවරයා වන්නේ තමා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම මේ බව ප්‍රකාශ කළා.

