බාධක ලඟ දණ නොගැසූ අරගලය

බාධක ලඟ දණ නොගැසූ අරගලය

ගෝල්ෆේස් හි පිහිටි අරගලබිමට ශක්තියක් වෙමින් අද සිව් දෙසින් එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එක්වී තිබෙනවා.

අද උදෑසන කොළඹ කොටුවෙන් ආරම්භ වූ විරෝධතා පාගමන ගෝල්ෆේස් ගෝඨාගෝගම අරගලබිමට පැමිණි අතර එම විරෝධතා පාගමන මැඩලීම සඳහා පොලීසිය බාධක රැසක් යොදා තිබුණු අතර විරෝධතාකරුවන් එම බාධක මැදින් ගෝඨාගෝගම අරගලබිමට පැමිණි බව වාර්තා වනවා.

එම බිමෙන් නොනැවතුන ඔවුන් මාවත් ඔස්සේ විජේරාමයේ පිහිටි අගමති නිවස ඉදිරියට පැමිණි අතර විරෝධතාව එම ස්ථානය ඉදිරිපිට පැවැත්වූ බව අප වාර්තාකරුවන් සදහන් කළා.

විරෝධතාව මැඩලීම සදහා පොලීසිය යොදන ලද ඇතැම් බැරියර් අනාරක්ෂිත ලෙස උල් යකඩ ඇණ යොදා කළු ඉටිකොළ මගින් ආවරණය කර ඇති බව නිරීක්ෂණය වූ අතර මේ සම්බන්ධයෙන් ශ්‍ර්‍රී ලංකා නීතිඥ සංගමයේ අවදානය යොමුකර තිබෙනවා.