නොනවතින අරගලය අද 17වන දිනටත්

නොනවතින අරගලය අද 17වන දිනටත්

ගාලු මුවදොර පැවැත්වෙන මහජන විරෝධතාවට අද (25) වන විට දින 17ක් ගතව තිබෙනවා.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මෙම විරෝධතාවයට ඊයේ පස්වරුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් ද එක්වුණා.

ඊයේ (24) උදෑසන කොළඹ කොටුවෙන් ආරම්භ වූ අන්තරේ විරෝධතා පාගමන ගෝල්ෆේස් ගෝඨාගෝගම අරගලබිමට පැමිණි අතර එම විරෝධතා පාගමන මැඬලීම සඳහා පොලීසිය බාධක රැසක් යොදා තිබුණු අතර විරෝධතාකරුවන් එම බාධක මැදින් ගෝඨාගෝගම අරගලබිමට පැමිණ තිබුණා.

එම බිමෙන් නොනැවතුන ඔවුන් මාවත් ඔස්සේ විජේරාමයේ පිහිටි අගමැති නිවස ඉදිරියට පැමිණි අතර විරෝධතාව එම ස්ථානය ඉදිරිපිට පැවැත්වූ බව අප වාර්තාකරුවන් ඊයේ සදහන් කළා.

විරෝධතාව මැඩලීම සදහා පොලීසිය යොදන ලද ඇතැම් බැරියර් අනාරක්ෂිත ලෙස උල් යකඩ ඇණ යොදා කළු ඉටිකොළ මගින් ආවරණය කර ඇති බව නිරීක්ෂණය වූ අතර මේ සම්බන්ධයෙන් ශ්‍ර්‍රී ලංකා නීතිඥ සංගමයේ අවදානය යොමුකර තිබෙන බව වාර්තා වෙනවා.