අරගල බිමෙන් මතුවූ සම්මුතිය

අරගල බිමෙන් මතුවූ සම්මුතිය

ගාලුමුවදොර , ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිර්පාක්ෂික ජන අරගලය අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ජන අරගලයට සහය වීම සඳහා ජනතාව එකතු වී සිටින්නේ, පක්ෂ පාට , ආගම්භේද නොතකමිනි.

රටේ වත්මන් ගැටලු විසඳන්න නිසි කලට නිසි තීරණ නොගත් ජනපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය ඉවත් වන්නැයි, බල කරමින් ජනාධිපති කාර්යාලය අසල ක්‍රියාත්මක නිර්පාක්ෂික අරගලයට අදට දින 18 කි.

අද දිනයේත් අරගල භූමියට විශාල ජනතාවක් එක්වෙමින් සිටින බවට වාර්තා වෙනවා.

දින කිහිපයක් තිස්සේ ජනතාව විසින් විරෝධතා පවත්වමින් සිටින අතර ඒ අසල තාවකාලික කූඩාරම් ඉදි කිරීම හේතුවෙන් අද 26 සවස පොලිස් ට්‍රක් රථ හා බස් යොදාගෙන අරලියගහ මන්දිරය ඉදිරිපසින් වසා ආරක්ෂාව තර කර ඇති අයුරු දක්නට ලැබිණ.

මේ අතර කරුණු පහකින් සමන්විත Galle Face සම්මුතිය අරගලකරුවන් ඉදිරිපත් කර ඇත.

අරලියගහ මන්දිරය ඉදිරිපට පැවැත්වෙන විරෝධතාවයේ ඡායාරූප