අවුන් සාන් සුකීට තවත් වසර 5ක සිරදඬුවමක්

අවුන් සාන් සුකීට තවත් වසර 5ක සිරදඬුවමක්

මියන්මාර් හි විශේෂ අධිකරණයක් විසින් එරට ප්‍රජාතන්ත්‍රවාදි නායිකා අවුන් සාන් සුකී ට තවත් වසර 05 ක සිර දඬුවමක් නියම කර තිබේ.

ඒ දූෂණ චෝදනා යටතේ ය.

මේ අනුව අවුන් සාන් සුකී ට එරෙහි නඩු විභාග මාලාව යටතේ දැනට ඇයට හිමි වී ඇති සිර දඬුවම් කාලයක වසර 11 කි.

මියන්මාරයේ හමුදා නායකයින් විසින් එරට ජනවරමකින් පාලන බලය හිමිකරගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලා දමා 2021 පෙබරවාරි මාසයේදී පාලන බලය හිමිකර ගත්තේය.

එතැන් සිට ඇයට එරෙහිව නඩු විභාග කිහිපයක් පැවැත්වුණි.

කෙසේ වෙතත් මෙම නඩු විභාග රහසිගතව පවත්වන බවටයි ජාත්‍යන්තර පාර්ශව රැසක් චෝදනා කරන්නේ.

https://bit.ly/3y0No3g