ගෝඨා, මහින්ද සිය ධූර වලින් ඉවත් විය යුතුයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සිය ධූරයන් වලින් ඉවත්ව නව ජනාධිපතිවරයෙක් සහ අග්රාමාත්යවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතු බව පසුගියදා ස්වාධීන වු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රිනී සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ පවසනවා.
වර්තමාන ජනාධිපතිවරයා සහ අග්රාමාත්යවරයා යටතේ ආණ්ඩුවක් සෑදීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් දේශපාලන පක්ෂ සූදානම් නොමැති බවද මන්ත්රීවරිය වැඩිදුරටත් සඳහන් කළා.
රටේ පවතින තත්වය හමුවේ තමා ඉතා සංවේදී වන බව සඳහන් කළ ප්රනාන්දුපුල්ලේ මහත්මිය රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද වැඩි දුරටත් සඳහන් කළා.
අද වන විට රටේ දැවැන්ත ඖෂධ හිඟයක් ඇති බවත් එය ඉදිරියේදී තවත් වර්ධනය වන බව ද ප්රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා.

