කොග්ගල නිදහස් කලාපයම ආණ්ඩු විරෝධී සටනට එක්වෙයි

කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇගලුම් කම්හල්වල සේවක සේවිකාවන් සියලු දෙනාම ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය අසල අරගලය සඳහා තම සහයෝගය ලබා දීමට පැමිණ තිබෙනවා.
එහි සේවය කරන තරුන තරුණියන් විශාල ප්‍රමාණයක් අරගලය සඳහා සහභාගී වී ඇති ආකාරය දක්නට ලැබෙනවා.
මේ අතර නිදහස් වෙළඳ කලාප ඉදිරිපිට, කොග්ගල අපනයන සැකසුම් කලාප සේවක සේවිකාවන් ආණ්ඩු එළවන මහජන පෙත්සමකටද අත්සන් කර තිබෙනවා.
අද (28) දීව ව්‍යාප්ත වශයෙන් මෙම වෘත්තීය අරගලය ක්‍රියාත්මක වීමට නියමිතයි.





