රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපය මීට වඩා දරුණුයි

රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණ තත්ත්වයක් ඇති වෙන බව රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ආර්ථික ගැටලුවලට ප්රධාන හේතුව වන්නේ රාජ්ය ආයතනවල සිදුවන අලාභය බවයි.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ තරුණ වෘත්තිකයින් පිරිසක් සමග අද (28) සිරිකොත පක්ෂ මුලාස්ථානයේ පැවැති සාකච්ඡාකදී හිටපු අගමැතිවරයා මේ බව පවසා සිටියා.

