නොනවතින ගෝල්ෆේස් අරගලයට දින 21 යි

ගාලුමුවදොර ජන අරගලය අද ක්රියාත්මක වන්නේ 21 වැනි දිනටය.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහා ඉවත්වන්නැයි බලකරමින් ගාලුමුවදොර පැවත්වෙන ජන අරගලයට ඊයේ රාත්රියේත් බොහෝ පිරිසක් එක්විය.
ඇදහැලුණු අධික වර්ෂාවද නොතකමින් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධය පළකිරීමද විශේෂත්වයකි.
ඊයේත් අරගලභූමිය විවිධ වැඩසටහන්වලින් අලංකාරවත් වී තිබුණි.
මේ අතර දින කිහිපයකට පෙර අරලියගහ මන්දිරිය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව ඊයේ රාත්රියේත් ක්රියාත්මක වුණි

