ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූර බොරිස් බෙකර්ට වසර දෙකක සිර දඬුවමක්

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූර බොරිස් බෙකර්ට වසර දෙකක සිර දඬුවමක්

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූර බොරිස් බෙකර්ට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ණය ගෙවීමෙන් වැළකී සිටීම සඳහා පවුම් මිලියන 2.5ක් වටිනා වත්කම් සහ ණය වසන් කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.

ඔහු 2017 වසරේදීයි තම බංකොලොත් බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

ණය හිමියන්ට පවුම් මිලියන 50කට ආසන්න මුදලක් ගෙවිය යුතු 54 හැවිරිදි බෙකර්, බංකොලොත් පනත යටතේ ජූරි සභාවක් විසින් චෝදනා හතරකට වැරදිකරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බොරිස් බෙකර් අවස්ථා 6කදී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හිමිකරගෙන තිබෙනවා.

https://bit.ly/3vCphGN