ජනපති යන්න කිව්වොත් මම යනවා – අගමැති

ජනපති යන්න කිව්වොත් මම යනවා – අගමැති

අලුත් අගමැති කෙනෙකු පත් කර අලුත් ආණ්ඩුවක් අවශ්‍ය බව ජනාධිපතිවරයා දැනුම් දීමක් කළහොත් ඊට අවනත වෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිනපතා පල වෙන පුවත් පතකට ප්‍රකාශයක් ලබා දී ඇත.

එමෙන්ම එම දැනුම් දීම අනුව තමාට අගමැතිකමෙන් ඉවත් වීමට සිදු වෙන බව ද අගමැතිවරයා වැඩිදුරටත් එම පුවත් පතට කියා ඇත

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) දිනයේදි සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. මෙහිදි අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයාට දැනුම් දී ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වත්මන් ගැටළු විසඳීමට ජනපතිවරයාට බලය ඇති බවත් ඒ සඳහා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් තම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

තිරණ ගැනීමට තමන්ප්‍රමාද නොවන බවත් ඒ සඳහා බලය ඇතිහෙයින් තමන් ඉක්මනින් තීරණ ගන්නා බවත් ජනපතිවරයා විසින් මෙහෙදී අග්‍රමාත්‍යවරයාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

තමන් ධූරයෙන් ඉවත්නොවන බවට අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම් දීතිබේ.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත්වන ලෙසට ජනපතිවරයා පෞද්ගලිකව ඔහු වෙත දන්වා ඇති බවට තොරතුරු මීට පෙර වාර්තා විය.