රුසියාව යුක්රේනයට ප්‍රහාර දැඩි කරයි

යුක්රේනයේ හමුදා ඉලක්ක 17කට ඊයේ දිනයේ දී මිසයිල යොදාගනිමින් ප්‍රහාර දියත් කළ බව රුසියාව පවසනවා.
එහි දී හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් මෙන්ම රොකට් සහ කාලතුවක්කු ගබඩාවක්, විනාශ කළ බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම එම ප්‍රහාරවල දී යුක්රේන සන්නද්ධ රථ 23ක් විනාශයට පත්වූ බවත්, යුක්රේන සෙබළුන් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවත් එමඟින් ප්‍රකාශ කළා.
මේ අතර රුසියාව විසින් මුළුමනින්ම වටලා ඇති මරියපොල් වරාය නගරයේ වානේ කම්හලේ සිර වී සිටි සිවිල් වැසියන් 20 දෙනෙකු ඉන් පලායාමට සමත් වී තිබෙනවා.
මෙහි උමං මාර්ගවල සිවිල් වැසියන් මෙන්ම යුක්රේන හමුදා සෙබළුන් විශාල පිරිසක් තවදුරටත් රැඳී සිටින බව සඳහන්.
එලෙස ඔවුන් රැඳී සිටින මරියුපොල් වානේ කර්මාන්තශාලාව මුළුමනින්ම වසා දමන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අණකර තිබුණා.

