බොලිවුඩ් නිළි ජැක්ලින්ගේ කොටි 7ක් අත්හිටුවයි

බොලිවුඩ් නිළි ජැක්ලින්ගේ කොටි 7ක් අත්හිටුවයි

ශ්‍රී ලංකා සම්භවයකට උරුමකම් කියන සුපිරි ඉන්දීය නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.27ක වත්කම් අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම අත්හිටවනු ලැබූ වත්කම් වලට ඉන්දීය රුපියල් කෝටි 7.12 ක ස්ථාවර තැන්පතුවක්ද අයිති වේ.

ජැක්ලින්ගේ හිතවතෙකු වූ සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව සිදු කරන ලද ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ විමර්ශනයේදී හෙළි වූ කරුණු මෙසේ වත්කම් අත්හිටුවා ඇත.

සිද්ධියට අදාල මුදල්වලින් කොටසක් ජැක්ලින්ගේ නමට තැන්පත් කර ඇති බවට විමර්ශනවලදි හෙළි වූ කරුණු මත මෙසේ වත්කම් අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.

36 හැවිරිදි ජැකලින් ශ්‍රී ලාංකික කාන්තාවක් වන අතර බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිහිපවතාවක්ම ඇයගෙන් ප්‍රශ්න කර ඇත.

අගෝස්තු සහ ඔක්තෝම්බර් මස ලබා දී ඇති ප්‍රකාශ වල සුකේෂ් චන්ද්‍රසේකර් මිල අධික ත්‍යාග ලබා දුන් බව ජැකලින් මහත්මිය ප්‍රකාශ කර ඇති අතර වරක් ත්‍යාගයක් ලෙස ලබා දුන් මිනි කූපර් මෝටර් රථය නැවත තමන් ඔහුට භාර දුන් බවද පවසා ඇත.