රටේ ප්‍රශ්න විසඳලා මිසක් එන්න එපා – දේශපාලකයන්ට මල්වතු විහාරයේ දොර වැසෙයි

රටේ ප්‍රශ්න විසදන තුරු කිසිදු දේශපාලනඥයෙකුට තමන් වහන්සේව බැහැදැකීම සඳහා අවසර ලබානොදීමට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබෙනවා.
ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදවාගැනීම පිණිස තාවකාලිකව සර්ව පක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනපති, අගමැති හා පක්ෂ නායකයින් වෙත පසුගියදා ලියවිල්ලක් ඉදිරිපත් කළා.
එම ලියවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහනාහිමියෝ මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

