සමගි මැයි රැළිය මැද ෆොන්සේකා, හරින් ගැටෙයි

සමගි ජන බලවේගය විසින් අද (01) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කර තිබු මැයි දින රැළියේදී හරින් ප්‍රනාන්දු සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.
සජබ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි දෙදෙනා අතර ගැටුමට මුල්ව ඇත්තේ, රැළියේ කථික ලයිස්තුවේ අනුපිළිවෙල යි.
මහනුවර සිට කොළඹ දක්වා සිදුකල පා ගමනේ මෙන්ම මෙම මැයි දින රැලියේද ප්‍රධාන සංවිධායකයකු වූ හරින් ප්‍රනාන්දු තම අසුන අසලට කැඳවා ඇති ෆොන්සේකා මන්ත්‍රීවරයා, ”ඔය කොලේ දෙනවා මෙහාට.” යයි කියමින් හරින් ප්‍රනාන්දු අත තිබු කොළය උදුරාගෙන තිබෙනවා.
”ඇයි මොකටද ? ”’නැ මට පෙන්නනවා කො ” කියමින් කථික ලැයිස්තුව උදුරා ගෙන ඇති ෆොන්සේකා, ”කවුද අයිසේ මේ ලැයිස්තුව හැදුවේ..මම මේ පක්සේ දෙවනියා. ප්‍රෝටකෝල් විදියට නායකයා කතා කරන්න ඉස්සෙල්ල කතාකරන්න ඕන මම..”
එම ලැස්තුවට අනුව සරත් ෆොන්සේකා ගෙන් පසු හරින් ප්‍රනාන්දුගේ නමත්, ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස ගේ නමත් සඳහන්ව තිබෙනවා.
”කව්ද මේ ලැයිස්තුව හැදුවේ..” ෆොන්සේකා ආවේගයෙන් හරින් ප්‍රනාන්දුගෙන් විමසා සිටි අවස්ථාවේදී, හරින් ප්‍රනාන්දු විසින් සජිත් ප්‍රේමදාස දෙසට ඇඟිල්ල දිගුකර ඇති බව සඳහන්.
” සජිත් ට ඉස්සෙල්ල තමුසේ මගේ නම දානවා.. නැත්තන් මම අද කතා කරන්නේ නෑ.”
එම අවස්ථාවේ හරින් මන්ත්‍රීවරයාද දැඩි ආවේගයකින් යමක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, බහින්බස් වූ අවස්ථාවේදී මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා වහාම එතනට පැමිණ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එතනින් ඉවතට ගෙන යාමට කටයුතු කර තිබෙනවා.
අනතුරුව සජබ නායක සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීම මත හරින් ප්‍රනාන්දු ජනතාව උපරිමයෙන් සිටින අවස්ථාවේ වේලාසනින් ම ජන රැළිය අමතා ඇති අතර ෆොන්සේකා ජනරැලිය ඇමතීමෙන් පසු ආචාර්ය හර්ෂ ද සිල්වාට රැලිය ඇමතීමට ආරාධනා කර තිබුණා.
ගැටුමෙන් පසු රැලිය ඇමතු හරින් ප්‍රනාන්දු, ”අපි නාකි චණ්ඩින්ට බය නෑ ..” යැයි ෆොන්සේකා මන්ත්‍රීවරයා දෙස බලමින් පැවසු අතර ෆොන්සේකා මන්ත්‍රීවරයා ඊට ප්‍රතිචාර දක්වමින් සිය කතාවේදී කියා සිටියේ,
”CID යාමට බියෙන් බොරු ලෙඩ අරගෙන රෝහල්ගතවන මැති ඇමතිවරුන්ට තමා ආරක්ෂක ඇමති වූ පසු කිසිඳු බුරුලක් නොලැබෙන” බව යි.
මේ අතර, හරින් ප්‍රනාන්දු හා සරත් ෆොන්සේකා අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සජබ මන්ත්‍රීවරයකු පැවසුයේ, එය ගම්පහ දිස්ත්‍රීක්කයේ මනාප ප්‍රශ්නයක් බවයි.

