ඒ බී සී අනාවරණය කළ නිමල් පෙරේරාගේ ගිණුම් ගැන අනුර හෙළිකරයි

ඒ බී සී අනාවරණය කළ නිමල් පෙරේරාගේ ගිණුම් ගැන අනුර හෙළිකරයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නාළිකාවක් වන ඒ බී සී මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳ චෝදනා වලට රාජපක්ෂ පවුලට සම්බන්ධ බව සහ කුප්‍රකට වූ අතරමැදියෙකු වන නිමල් පෙරේරාට මෙම සමාගම රහසිගතව හිමිවී ඇති බව එම මාධ්‍ය විසින් ඊයේ අනාවරණයක් කළා.

මේ සම්බන්ධව දුෂිත ගණුදෙනු කිහිපයකට අදාල ලිපි ගොනු කිහිපයක් අද (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් මේ සම්න්ධව අදහස් පල කළා.

මේ අතර නාමල් රාජපක්ෂ තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ ඒ.බී.සී මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳ චෝදනා වලට තමන් හෝ තම පවුලේ කිසිවෙකු සම්බන්ධ නැති බව නාමල් රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි

තමන් අසාවත් නොමැති සමාගම් දෙකක ගණුදෙණුවක් සම්බන්ධයෙන් තම පවුලට චෝදනා එල්ල කර ඇතැයි නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

යහපාලන රජය විසින් එල්ල කළ චෝදනා වලට තමන් තවමත් උසාවි යන බව ඔහු ප්‍රකාශ කළේය.