අනුර බෝම්බය පත්තු කරයි – දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජවිපේ විශේෂ හෙළිදරව්ව

අනුර බෝම්බය පත්තු කරයි –  දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජවිපේ විශේෂ හෙළිදරව්ව

රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රදේශීය සභා මන්ත්‍රී දක්වා සිදු කළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් ‘ෆයිල්’ විශාල ප්‍රමාණයක් අද (මැයි 3) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට හෙළිදරව් කිරීමට නියමිත ව බවට වාර්තා වනවා.

පෙරවරු 10.00ට පදනම් ආයතනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කමිටු සාමාජික හා දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන අය මෙන්ම නීතිඥවරුන් කිහිපදෙනෙක් ද මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතයි

මීට ඉඟි පළ කරමින් ජවිපෙ නායකයාගේ ඇතුළු පක්ෂ සාමාජිකයන්ගේ නිල ෆේස්බුක් ගිණුම්වල, “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව” යනුවෙන් පෝස්ටුවක් ද පළ කොට තිබුණා.

ඒ අනුව, රටේ මහජන ධනය මහා පරිමාණයෙන් කොල්ල කෑ දේශපාලනඥයන්ගේ, ඊට අනුබල දුන් රාජ්‍ය නිලධාරීන්ගේ වංචා දූෂණ රැසක් අද දින මාධ්‍යට හෙළිදරව් වනු ඇති.

දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජවිපේ විශේෂ හෙළිදරවුව සජීවීව පහතින් නරඹන්න